Tuesday, July 28, 2015

උඩරට චාරිකාව - 23





අද අපි ගමන් ආරම්භ කරන්නේ ඇල්ල දුම්රිය ස්ථානයෙන්. ඓතිහාසික රාවණ පුරාවෘර්තය ස්ථාන කිහිපයක්ම පිහිටා තිබෙන්නේ මේ ප්‍රදේශය ආශ්‍රිතවයි. ගල් ගුහා, රාවනා ඇල්ල වගේම දොව රජමහා විහාරය ද මේ ප්‍රදේශයේ ඉතා සුවිශේෂී ස්ථාන වෙනවා .

ඌවේ අසිරිය විදිමින් යන මේ ගමනේ මීලගට අපට හමු වන්නේ උඩරට දුම්රිය චාරිකාවේ වඩාත්ම සුවිශේෂීම ප්‍රදේශයකටයි. මීටර් 1041 උසක සිට දැන් අපි මේ ගමන් කරන්නේ මීටර් 652 ක් දක්වා බැවුම් මාර්ගයකයි. එක්වරම අංක 40 බිම්ගෙය තුලට ඇතුළු වුනු දුම්රිය පිටතට පැමිණි විගස පිවිසුනේ සුවිශේෂී පාලමක් වෙතට, ඒ ආරුක්කු 9 පාලම ලෙස හදුන්වනු ලබයි. මෙය තනි කළුගලෙන් සහ හුනුබදාමයෙන් පමණක් නිම කල ඇති අතර ආරුක්කු 9 කින් යුක්තයි. සාමාන්‍ය උස අඩි 90 ක් පමණ වන මෙම පාලමේ අනෙක් සුවිශේෂිතාව වන්නේ මෙය ඉදිකර තිබෙන්නේ ගගකින් එතෙර වීමට නොවීමයි. මෙම පාලම ඉදිකර තිබෙන්නේ කදු දෙකක් යා කරමිනි, මෙය පිහිටා ඇත්තේ වන්ගුවක බැවින්  දුම්රියක් මේ මතින් ගමන් කිරීමේදී මනස්කාන්ත දර්ශනයක් මවා පානවා,

මේ පාලම පිලිබදව අපුරු කතා රාශියකුත් තියෙනවා. මෙහි ප්‍රධාන ඉන්ජිනේරුව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුනත් වැඩි කාර්යභාරයක් ඉටුකළ ප්‍රධාන පෙදරේරුවා ශ්‍රී ලාංකිකයෙක්. මේ පාලම තැනීම සදහා අවශ්‍ය පුද්ගලයන් තෝරා ගැනීමේදී ඔහු සම්මුඛ පරීක්ෂණයක් තබා තිබෙනවා. එහිදී ඔහු අසා ඇති එකම ප්‍රශ්නය "ඔබට හාල් සේරු කියක බත් කන්න පුළුවන් ද ? " යන්නයි. සැබවින්ම විශාල කළු ගල් කුට්ටි එසවීමට අද මෙන් යන්ත්‍ර සුත්‍ර නොතිබුණු ඒ කාලයේ වඩාත් ශක්තිමත් පුද්ගලයන් තෝරාගැනීමට උපක්‍රමයක් ලෙස මේ අහපු ප්‍රශ්නය සලකන්න පුළුවන්.

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :
86 - Ella
87 - Kithal Ella

Author - Dushantha Nanayakkara

Help - Thilanga Udara
           Sameera Wijethunghe

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****












2 comments:

  1. ලිපිය අගෙයි. හැබැයි ඔබගෙ ලිපිය උපුටාගන්න එපා කියල සටහන් කරන ඔබ අනුනගෙ පින්තුර ඔබේ ලිපියට උපුටාගත්ත තැන මොකක්ද කියල සටහන් කරානං තමා වඩාත් වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන ඔය කොටස තිබෙන තැනම සටහන් කරලා තියනවා *** මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*** කියලත්. මම ගත්ත පින්තූර කියල මම දාලා නැහැනෙ. අනික ඕවා වල ඇතැම් චායාරූප වල චායාරූප ශිල්පියාගේ නාම තියනවා. ඒවා මම මකලා නැහැ. ෆේස්බුක් පේජ් එකකින් හෝ වෙනත් යම් මූලාශ්‍රයකින් මම ඡායාරූපයක් උපුටා ගත්තාම අදාල ස්ථානයේ අයිතිකරු නමක් සදහන් කරලා නැතිනම් මම කොහොමද අයිතිකරුව හොයාගන්නේ. මෙතන අයිතිකරුවන් 20 ල 30 කගේ ඡායාරූප ඇති. හැබැයි අති බහුතරයක්ව මම දන්නේ නැහැ. ඒ නිසා දන්න 1.2 ගේ නම් දැමීමේ හැකියාවකුත් නැහැ. එහෙම උනොත් මට චෝදනා කරයි ඇයි සමහර අයගේ නම් විතරක් දාන්නේ කියලා

      Delete