Tuesday, July 14, 2015

උඩරට චාරිකාව - 13



දැන් අපි මහණුවරින්ද ගමන ඇරඹුවෙමු. එහිදී අප නැවත පේරාදෙනිය හංදිය හරහා බදුලු මාර්ගයට පිවිසිය යුතුය. අප නැවත බදුලු මාර්ගය වෙත පිවිසීමට පෙර අපි කලින් පසුකලාවූ සුදුහුම්පොල , මුල්ගම්පොල හා සරසවි උයන යන දුම්රිය ස්ථානයන් පසු කරමින් නැවත පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයට පැමිනුනෙමු. එතැන් පටන් අප අවතීර්න වූයේ බදුල්ල මාර්ගයටය. එහිදී අපට මුලින්ම පසුකර යාටට සිදුවන දුම්රිය ස්ථානය වන්නේ කොස්හින්න දුම්රිය ස්ථානයයි. දුම්රිය ස්ථානයක් ලෙස එය හැදින්වුවද බැලූබැල්මට එය පදිකවේදිකාවක් පමනි. දැන් දැන් අප ගමන් මග වැටී ඇත්තේ ඉතා විශාල කදු පංතීන් හා තේවතු මැදිනි. එය ඉතාම චමත්කාර ජනක අද්දැකීමක් වෙයි. මෙම සිරිය නරඹමින් ගමන් ගන්නා අප නොදැනුවත්වම මීලග දුම්රිය ස්ථානයද පසුකරගෙන ඉදිරියට යමින් සිටී. මෙසේ අපි ක්රමයෙන් පොල්ගහන්ග , වැලිගල , ගංගාතිලකය හා කහටපිටිය යන දුම්රිය ස්ථාන (පදික වේදිකා පමනි) පසුකරමින් ගම්පොළ දුම්රිය ස්ථානය වෙත සේන්දු වුනි.  ගම්පොලින්ද අනෙකුත් දුම්රිය ස්ථානවලදී මෙන් දුම්රියට මගීන් පිරිසක් ගොඩවූ අතර දුම්රියෙන් බැසගත් මගීන් පිරිස අඩුය. දුම්රියට ගොඩවූ මගීන්ගේද අප පෙර දුම්රිය ස්ථානවලදී ගොඩවූ මගීන්ට වඩා වෙනස්කමක් දක්නට ලැබුනි. එනම් අප පසුකල පෙර දුම්රිය ස්ථාන වලදී අප දුම්රියට මගීන් ගොඩවූයේ බහුතරයක් චාරිකා සදහා යන මගීන්ය. එහෙත් දැන් දැන් අප දුම්රියට ගොඩවන්නේ දෛනික කටයුතු සදහා දුම්රිය ස්ථාන අතර සංක්රමනය වන මගීන් සුලු පිරිසක් පමනි. ඉන්පසු අප දුමිරිය ගම්පොළ දුම්රිය ස්ථානයෙන්ද නැවත ගමන් අරඹා ඉදිරියට ඇදුනේ අප මීලග නැවතුම වන නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමේ අරමුනෙනි. ඒ කරා අප පියමන් කිරීමේදී වල්ලැහැගොඩ , තැඹිලිගල හා වරකාපිටිය යන පදික වේදිකාද උලපනේ යන දුම්රිය ස්ථානයද පසුකරගෙන ඉදිරියට ඇදුනි. එහිදී අප යන මාර්ගයේ වම් පසෙකින් අපට අපූරු පාලමක් දැකගත හැකිවිය.

"මේ පාලම තියෙන්නේ ගම්පලත් නවලපිටියත් අතර උලපනේ දුම්රිය ස්ථානය පහු කරලා ටිකක් දුර යද්දී වම පැත්තේ . මේක රේල් පාලමක් නොවෙයි. කෝච්චියේ යද්දී හොදට බැලුවොත් පේනවා. සුවිශේෂ පාලමක් මේක. හොදට බැලුවොත් මේ පාලමේ වෙනස පෙනෙයි. මේ පාලමේ ආරක්ෂක වැට හදල තියෙන්නේ පහල පැත්තට වෙන්න.  ඒ කියන්නේ සැලැස්මේ තියෙන එක උද යට මාරු කරලා හදල තියෙන්නේ. ඒ  නිසා මේ පාලමට කියන්නේ මෝඩයාගේ පාලම කියල" මෙසේ අපට පිලිතුරක් ලැබුනේ මේ පාලම පිලිඹදව හොදින් දන්නා අයෙකුගෙනි. මෙසේ අප සුන්දර කදුවැටි මැදින් වැටීඇති දුම්රිය මාර්ගයේ තේවතු හා ඒ මැදින් ගලාබස්නා දිය පහරවල් වල සිරි නරඹමින්ම පල්ලේගන යන දුම්රිය ස්ථාන පදිකවේදිකාවද පසුකරමින් අප චාරිකාවේ මීලග දුම්රිය නැවතුම්පොල වන නාවළපිටිය දුම්රිය ස්ථානය වෙත පිවිසුනි.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
49 - Kossinna
50 - Gelioya
51 - Polgaha Anga
52 - Weligalla
53 - Gangathilakaya
54 - Kahatapitiya
55 - Gampola
56 - Wallahagoda
57 - Thambiligala
58 - Warakapitiya
59 - Ulapane
60 - Pallegama
61 - Nawalapitiya

Author - Dushantha Nanayakkara 

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****



ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල

















නාවලපිටිය දුම්රිය ස්ථානය

ගලබොඩ ඇල්ල

කටුඹුල ඇල්ල


No comments:

Post a Comment