Wednesday, July 1, 2015

උඩරට චාරිකාව - 07




ඊයේ දිනයේ චාරිකාව නැවැත්වූ තැනින් අද අපි පටන්ගමු. දැන් අප දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන්ද ගමන් අරඹා ඉදිරියට ඇදෙයි. ඒ අපගේ මීලග දුම්රිය නැවතුම වන මීරිගම දුම්රිය ස්ථානය වෙතටය. ඒ වෙත ගමන් කිරීමේදී වදුරබ , කීනවල , පල්ලෙවෙල , ගනේගොඩ , විජය රජදහන යන දුම්රිය ස්ථාන පසු කරමින් අපි මීරිගම දුම්රිය ස්ථානය වෙත පැමිනියෙමු.  අප පැමිනි ගමන්මාර්ගයද බුලුගහගොඩ දුම්රිය ස්ථානයේ සිට මෙතෙක් පැමිණි දුම්රිය මාර්ගයටම නෑකම් කියන හරිත වර්ණ කෙත් වතු උයන් මැදින් වැටී තිබුනු දුම්රිය මාර්ගයේම කොටසකි.

දැන් අප සිටින්නේ මීරිගම දුම්රිය ස්ථානයේය. මීරිගම දුම්රිය ස්ථානය යනු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 50Km දුරින් පිහිටි වේදිකා ද්විත්වයකින් සමන්විත වන දුම්රිය ස්ථානයකි. 1867 වර්ශයේදී මෙය ආරම්භ කර ඇත. දැන් නැවතත් අපි මීරිගම දුම්රිය ස්ථානයෙන්ද ගමන් ඇරඹුවෙමු. ඒ අපගේ මීලග නැවතුම්පොළ වන පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමටය. ඒ සදහි අප පිළිවෙලින් විල්වත්ත , බෝතලේ , අඹේපුස්ස , යට්ටලගොඩ හා බත්ගමුව දුම්රිය ස්ථාන පසු කරත්ම අපට සුවිශේෂී දුම්රිව ස්ථානයක් පසුකර යාමට ලැබුනි. ඒ අලව්ව දුම්රිය ස්ථානයයි.

අලව්ව දුම්රිය ස්ථානය යනු ලංකාවේ ප්‍රථම දුම්රිය ස්ථාන 5න් 1 කි. පළමුවන දුම්රිය මාර්ගය තැනුනේද කොටුව දුම්රිය ස්ථානයේ සිට අලව්ව දුම්රිය ස්ථානය දක්වාය. ඒ 1864 දීය. ලංකා ඉතිහාසයේ පළමු වරට දුම්රියක් ධාවනය වූයේ කොටුව දුම්රිය සිට අලව්ව දක්වාය. අලව්ව දුම්රිය ස්ථානයෙන් අප මෙසේ සමුගනිද්දීම අප ඉන්පසු වල්කුඹුර දුම්රිය ස්ථානයද පසුකරමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත සේන්දු විය.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
21 - Wanduraba
22 - Keenawala
23 - Pallewela
24 - Ganegoda
25 - Wijaya Rajadahana
26 - Meerigama
27 - Wilwaththa
28 - Bothale
29 - Ambepussa
30 - Yaththalgoda
31 - Bujjomuwa
32 - Alawwa
33 - Walakumbura
34 - Polgahawela

Author - Dushantha Nanayakkara 

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****



පොල්ගහවෙල දුම්රිය ස්ථානය


පොල්ගහවෙල දුම්රිය ස්ථානය

පොල්ගහවෙල දුම්රිය ස්ථානය

පොල්ගහවෙල දුම්රිය ස්ථානය

අඹේපුස්ස දුම්රිය ස්ථානය

අලව්වදුම්රිය ස්ථානය
වේයන්ගොඩ දුම්රිය ස්ථානය




චාරිකාවේ අප දැන් සිටින්නාවූ ස්ථානය


1 comment:

  1. වඳුරබ නෙමෙයි වඳුරව, ඉස්සෙල්ලම දුම්රිය ගමන ගියේ අඹේපුස්සට. අලව්වට නෙමෙයි. වලකුඹුර, බුජ්ජොමුව

    ReplyDelete