Sunday, July 26, 2015

උඩරට චාරිකාව - 22



අද අපි අපගේ ගමන ආරම්භ කරන්නේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිටයි . බණ්ඩාරවෙල පසු කරමින් ඉදිරියට ඇදෙද්දී  මග දෙපස වැඩිපුරම දක්නට ලැබෙන්නේ එලවලු කොටුයි. තක්කාලි , බොන්චි ආදී වගාවන් මෙහි ප්‍රමුක ස්ථානයක් ගන්නවා. කිනිගම , හීල් ඔය , කිතල් ඇල්ල යන උප දුම්රිය ස්ථාන පසුකරමින් අප ලගා  වුයේ  අද දිනට අපගේ ගමනේ සුවිශේෂී ඉසව්වක්  මෙන්ම අදට අපගේ ගමනාන්තයටයි. ඒ ඇල්ල දුම්රිය ස්ථානයයි. ඇල්ල ට ආසන්න වන විටම අපට දකුණු ගැඹුරු ප්‍රපාතයේ ඌව ද්‍රෝණියේ මනස්කාන්ත දර්ශනය දැකගන්නට ලැබෙනවා. මේ ප්‍රදේශයේදීද පෙර දී අපි ඉදල්ගස්හින්නේදී දුටු අයුරින්ම  හම්බන්තොට , කතරගම දක්වා වූ දකුණු දිග තැනිතලාව ඉතාමත් හොදින් දැකගන්නට පුළුවනි. ඇල්ල - වැල්ලවාය මාර්ගය වැටි ඇත්තේද මෙම ද්‍රෝණිය හරහායි. ඈතින් ඇදහැලෙන ගුප්ත බව අතීත ඓතිහාසික සිද්ධි ගණනාවක් සගවාගත් මනස්කාන්ත රාවණා ඇල්ල අපිට සංඥා කලේ අපි ඇල්ලට ලගාවූ බවයි. මෙම අලංකාර දර්ශනය දැකගැනීමට ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස ගමන් කල යුතුයි. සුප්‍රකට ඇල්ල තානායම මේ ආසන්නව කුඩා කදුගැටයක් මතයි. උඩරට දුම්රිය ගමනේ මගේ තවත් සන්ධිස්ථානයක් වූ ඇල්ල දුම්රියස්ථානයේ අද දිනට අපගේ ගමන්නන්තය මෙසේ සනිටුහන් කළෙමු.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :
83 - Bandarawela
84 - Kinigama
85 - Heel Oya
86 - Ella

Author - Dushantha Nanayakkkara

Help - Thilanga Udara
           Sameera Wijethunghe

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****












No comments:

Post a Comment