Wednesday, July 22, 2015

උඩරට චාරිකාව - 19



නානුඔය සිට නුවර එළිය හරහා රාගලට අතීතයේ ගමන් ගත් උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පිළිඹදවද සොයාබැලූ අප දැන් අපගේ චාරිකාවේ ඉතිරි කොටස යාමට සූදානමින් සිටී. ඒ බදුල්ල දක්වාය. නානුඔයෙන් ගමන් ආරම්භ කර අපට ටික දුරක් යනකොට දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී තැනක් දකින්නට පුළුවන්. ඒ පැරණි දුම්රිය මාර්ගයක සලකුණක්.  ඒ 1904 දී ආරම්භ වුන උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේ සලකුණු. ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේ නුවරඑළියේ තේ වතු වල සිට කොළඹට යැවිය යුතු තේ නානුඔය දක්වා ගෙන්න වුණේ වෙනත් ප්‍රවාහන ක්‍රමයකින්. එයට පිලියමක් විදිහට  1890 දී නුවරඑළිය හරහා රාගල ට දුම්රිය මාර්ගයක් තැනීම අරඹ කළා. ඒ හාවාඑළිය හරහා, මෙය ලංකාවේ උසින් වැඩිම දුම්රිය මාර්ගය වුනත් අඩි 2 ½ ක පටු මාර්ගයක් වුණා. ඒ වගේම මේ මාර්ගය අති දුෂ්කර මාර්ගයක් වුණා.

නානුඔයෙන් අරම්භ වුණාම  බ්ලැක්පූල් , නුවරඑළිය , කඩපොළ , බ්රූක්සයිඩ් , රාගල කියන ප්‍රධාන දුම්රිය ස්ථාන 5 ක් මේ දුම්රිය මාර්ගයේ තිබුණා ,මෙහි මුළු දුර 30.14 km වගේම වඩාත්ම උසින් පිහිටියේ කඩපොළ දුම්රිය ස්ථානයි. මේ සියලු දුම්රිය ස්ථාන පිහිටා තිබුනේ ප්‍රධාන තේ වතු ආශ්‍රිතවයි. කඩපොළ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක් උසින් පිහිටා තිබුණා. මෙය ලංකාවේ උසින් ම පිහිටි දුම්රිය ස්ථානය වුනත් වර්ෂ 1948 දී ලෝක යුද්ධය නිසා නඩත්තු කටයුතු අපහසු වීමෙන් පුංචි කෝච්චිය පාර වැහිලා යනවා,  නමුත් අදටත් මේ දුම්රිය මාර්ගයේ ගොඩනැගිලි, පාලම් , බෝක්කු, වල නටබුන් දකින්නට පුළුවන්. පුංචි කෝච්චිය පාර වැසී යාමත් සමග එතෙක් ලංකාවේ දෙවෙනියට උසම දුම්රිය ස්ථානය වූ පට්ටිපොල ලංකාවේ උසම දුම්රිය ස්ථානය බවට පත් වෙනවා.

මේ ගමනේ තව ටිකක් ඉදිරියට යනකොට තවත් සුන්දර දර්ශනයක් දකින්නට පුළුවන්. ඒ සමනල කන්දයි. මේ ගමනේ තවත් ඉදිරියට ගමන් කරන විට දකින්නට ලැබුනේ එල්ගින්  දියඇල්ල (Elgin Waterfall) , දඹගස්තලාව ඔයෙන් පෝෂණය වන මේ ඇල්ල ඉංග්‍රීසි L අකුරේ හැඩයටයි ගලාබසින්නේ.  කෙමෙන් කෙමෙන් පැරකුම්පුර උප දුම්රියස්ථානයද පසු කරමින් මීලගට ලගා වන්නේ අඹේවෙල දුම්රිය ස්ථානයටයි. මේ ප්‍රදේශය ගව පාලනයට හා කිරි නිෂ්පාදනය සදහා ප්‍රසිද්දියක් ලබා ඇත. අඹේවෙල පසු කරමින් 1 km පමණ යනවිට හයිලන්ඩ් කිරි නිෂ්පාදනාගාරය දකින්නට පුළුවන්.  ඒ වගේම මේ ප්‍රදේශයේ තිබෙන නවසීලන්ත ගොවිපොළත්  (Newzealand Farm ) ප්‍රසිද්දයි. මේ සියලු ස්ථාන පසු කරමින් ඉදිරියට ඇදෙන දුම්රිය දැන් ලගා වන්නේ අද දින ගමනාන්තයටයි. ඒ පට්ටිපොල දුම්රිය ස්ථානයයි. උඩරට දුම්රිය ගමන් මගේ වැදගත්ම දුම්රිය ස්ථානයක් තමයි පට්ටිපොල. ඒ මෙය ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහලම උසකින් පිහිටා ඇති දුම්රිය ස්ථානය ලෙස නම් දරා ඇති නිසයි. මුහුදු මට්ටමේ සිට අඩි 6204 ක් (1891m ) උසින් පිහිටි පට්ටිපොල කදුකරයේ සොදුරුතම ඉසව්වක් වන හෝර්ටන් තැන්නේ එක් පිවිසුම් දොරටුවක් ද වෙනවා. මෙම ප්‍රදේශයේ ඇත්තේ  අධික සීතල මීදුමෙන් පිරි කාලගුණයක්.   පට්ටිපොල දුම්රිය ස්ථානයෙන් අද දිනට අපේ ගමන අවසන්.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
75 - Nanu Oya
76 - Parakramapura
77 - Ambewela
78 - Pattipola

Author - Dushantha Nanayakkara 

Help - Thilanga Udara
           Sameera Wijethunghe

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****

හෝර්ටන් තැන්න
හෝර්ටන් තැන්න
හෝර්ටන් තැන්න
හෝර්ටන් තැන්න
හෝර්ටන් තැන්න
අඹේවෙල කිරි ගොව්පොළ
අඹේවෙල කිරි ගොව්පොළ
















No comments:

Post a Comment