Wednesday, July 1, 2015

උඩරට චාරිකාව - 06




අපි දැන් ගම්පහ දුම්රිය ස්ථානයෙන්ද නික්මුනේ අපගේ ඊලග දුම්රිය නැවතුම වන වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ලගාවීම සදහාය. මේ සදහා අප දාරලුව බෙම්මුල්ල හා මගලෙගොඩ යන දුම්රිය ස්ථානයන් පිලිවෙලින් පසු කරමින් ඉදිරියට ඇදෙන අතරේ ඊලගට අප පසුකර යන්නේ තරමක් සුවිශේෂී දුම්රිය ස්ථානයකි. කොලඔ කොටුවේ සිට බැලීමේදී වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පෙර දුම්රිය ස්ථානය මෙයවේ. නමින් කියතොත් එය හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානය වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තරමක් වෙනස් නමකි. ගම් 2 ක නම් 2ක් මෙනි. මෙම දුම්රිය ස්ථානයට මෙසේ වෙනස් නමක් ලැබීමට හේතුව අප අසල අසුන්ගෙන සිටි අයෙක් අපට කියාපෑවේය.

හීන්දෙනිය හා පට්ටිගොඩ නමින් විශාල වෙල් යායකින් වෙන් වූ ගම්මාන දෙකක් වේ. මේ කියන කාලයේ (60 දශකයේ පමණ විය යුතුය ) එම ගම් දෙක අතර නයි මුගටි වර්ගයේ තරහක් වීලු! මේ අතරතුර එම ප්රදේශයට දුම්රිය ස්ථානයක් ද යෝජනා වී තිබිණි. ගහමරාගැනීම් නිසා එක් ගමක දුම්රිය ස්ථානය ඉදිකලොත් අනෙක් ගමේ අයට එයට පැමිණීමටනොහැකිලු! දෙපැත්තේම ඉල්ලීම් සලකා බැලූ එවක රජය විසින් විසඳුමක් සපයන ලදී. එනම් ගම් දෙක මැද පිහිටි වෙල්යායේ මැදට වන්නට දුම්රිය ස්ථානය ඉදිකිරිමය! කොතෙක් සාදාරනද කියතොත්, ගම් දෙකේම නම් පවා එකතුකොට දුම්රියපලට නම් තබන ලදී. බැලූ බැල්මට සාධාරණ යැයි සිතුනද, එමඟින් පැන නැගුණු ගැටලු රාශියක්වේ. මෙම දුම්රිය ස්ථානයට මෑතක් වනතුරුම පාරක් නොතිබිණි.මෙය සම්භන්ධව අපට දැනගත හැකිවූයේ මෙවැන්නකි.



දැන් අප අපගේ චාරිකාවේ මීලග නැවතුම වන වේයංගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ සිටින්නේ. ගම්පහ සිට වේයන්ගොට එන තෙක්ම දුම්රිය මාර්ගය දෙපස හරිත පැහැයෙන් බබලයි. මෙසේ අප වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙතද සේන්දු විය.

වේයන්ගොඩ දුම්රිය ස්ථානය යනු  ලංකාවේ ප්‍රථමයෙන්ම සාදන ලද දුම්රිය ස්ථාන 5න් 1කි. මෙය විවෘත කර ඇත්තේ 1864 වර්ශයේ දෙසැම්බර් මස 27 වන දින වන අතර මුහුදු මට්ටමේ සිට 18.59m ක උසින් පිහිටා ඇති වේයන්ගොඩ දුම්රිය ස්ථානයට කොළඹ කොටුවේ සිට ඇති දර වන්නේ 38Km වේ. මෙය ප්‍රධාන මාර්ගයේ අපට හමුවන 20 වන දුම්රිය ස්ථානයයි. අපට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී විශේෂ දුම්රියක් දක්නට ලැබුනි. ඒ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ගල් අගුරු එන්ජිමක් සහිත විශේෂ වයිස්රෝයි දුම්රියයි. එය අපව පසුකරගෙන ඉදිරියට ඇදුනි. වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන්ද නික්මුනු අපගේ මීලග දුම්රිය නැවතුම වන්නේ මීරිගම දුම්රිය ස්ථානයයි.

ගල්අගුරු එන්ජිම සහිත වයිස්රෝයි විශේෂ දුම්රිය

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
16 - Daraluwa
17 - Bemmulla
18 - Magalegoda
19 - Heendeniya Pattigoda
20 - Veyangoda

Author - Dushantha Nanayakkara


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****









චාරිකාවේ අප දැනට සිටිනා ස්ථානය - වේයන්ගොඩ දුම්රිය ස්ථානය

No comments:

Post a Comment