Monday, July 6, 2015

උඩරට චාරිකාව - 10



අප දැන් සිටින්නේ බලන දුම්රිය ස්ථානයේය. මෙතනට මුහුදු මට්ටමේ සිට උස අඩි 1405ක් පමන වෙනවා. කොළඹ කොටුවේ සිට දුර 99Km පමන වෙනවා. බලන පිලිඹදව කථා කරද්දී බලනට සුවිශේෂී ස්ථානයක් ලෙස අපට බලන කොටුව හැදින්වීටඉ පුලුවන. බලන කොටුව පිළීඹදව අප දුම්රියේ අප අසලින් සිටි දුම්රිය මගියෙක්ගෙන්ද තොරතුරු කිහිපයක් අසා දැනගන්නට ලැබුනා.

ඓතිහාසික බලන කොටුව පිහිටා තිබෙන්නේ බලන දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙනුයි. බලන දුම්රිය ස්ථානයෙන් බැස බලන කඩුතන්නාව මාර්ගයේ 1.5Km පමන ගිය තැන බලන කොටුව වෙත පිවිසීමේ පිවිසුම් මාර්ගය දිස් වෙනවා. ඒ සදහා ගමන් ගන්නා මාර්ගය පිහිටා තිබෙන්නේ තේ වත්තක් මැදිනි. බලන කොටුව යනු කන්ද උවරට රාජධාණිය රැතගැනීම සදහා දායකත්වය ලබාදුන් භූම්බාගයක්. මෙය සංචාරකයන් සදහා විවෟතව පවතිනවා. බලන කොටුවට බටහිර දෙසින් පෙනෙන නිම්නය එදා පෟතෘගීසීන් ලන්දේසීන් හා බ්රිතාන්‍ය ජාතිකයන් කන්ද උඩරට ආක්රමනය කිරීමට යොදාගත් නිම්නයයි. බලකොටුවේ නැගෙනහිර දෙසින් පෙනෙන්නේ ඓතිහාසික කන්ද උඩරටයි. මෙම බලකොටුව වර්ගඅඩි 300 ක පමන භූමිබාගයක් පුරා පැතිර පවතිනවා. වර්ෂ 1815 දක්වාම පැමිණි සියලු බටහිර බලවේග වලින් උඩරට රාජධානිය ආරක්ෂා කරගැනීම උඩරට රජවරුන්ට හැකිවී ඇත්තේ මෙම බලනකොටුවෙන් ගලගෙදර දුර්ගයෙන් ලැබුනු ආරක්සාව නිසායි. පහතරට හා කන්ද උඩරට වෙන්වන්නේද මෙම දුර්ග 2නි. මෙම බලනකොටුවට බලන යන නම ලැබීමට හේතුවී ඇත්තේද මෙම ස්ථානයේ සිට සෑම පැත්තක්ම ආරක්ෂාකාරීව බැලීමට හැකිවීම නිසාය. මෙම බලන කොටුවේ සිට දකුනු පසින් දර්ශණය වන්නේ අලගල්ල කදු නිම්නයයි. වම් පසින් පෙනෙන්නේ බැලුම්ගල කදු නිම්නයයි. වර්ෂ 1593 දී කන්දඋඩරට බේරාගැනීම සදහා පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් පෟතෘගීසීන්ට එරෙහිව දියත් කල දන්තුරේ සටන එතුමාට දිනාගැනීමට මූලිකම හේතුව වී ඇත්තේද මෙම බලනකොටුවෙන් ලැබුනු ආරක්ෂාව නිසාවෙනි. ඉන්පසු කන්දඋඩරට රාජධානිය බේරාගැනීම සදහා ශ්රී වික්රම රාජසිංහ රජතුමාද මෙම බලනකොටුව භාවිතා කර ඇත.

මෙසේ අප ඔහුගේ කථාවට සවන් දීගෙන ඉදිරියට ඇදුනා. කඩුගන්නාව දුම්රිය ස්ථානයට ලගාවීමට පෙර මීලගට අපට හමුවන්නේ සිංහයෙකුගේ මුව අයාගෙන සිටින්නාවු සිංහගල පර්වගයයි. ඒ පිලිඹද විස්තරයක් ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න......

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
44 - Balana

Author - Dushantha Nanayakkara


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****



























No comments:

Post a Comment