Thursday, July 23, 2015

උඩරට චාරිකාව - 21



නැවත ඉදල්ගස්හින්නෙන්  ගමන් ඇරඹු අපේ මීලග ගමනාන්තය වන්නේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. මෙතැන් සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඇත්තේ 440m ක බැස්මක්. මීලගට අපට හමුවන්නේ හපුතලේ දුම්රිය ස්ථානයයි.මේ ප්‍රදේශයේ බහුලවම දකින්නට ලැබෙන්නේ පයිනස් ශාක සහිත වනාන්තර යි.  මේවා කදුමුදුන් නිසා දැඩිසුපං සහිත තත්වයට ඔරොත්තු දීම සදහා මෙම ප්රසේශයන් වල දක්නට ලැබෙන ශාකවල කදන් වල ගැටගැසුනු ස්වභාවයක් ඇත. අප මේ පසු කරන්නේ කොපි වගාවට ද ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක්.  

හපුතලේ පසු කරමින් ඉදිරියට ඇදුන අපට සොබාදහමේ  මනස්කාන්ත නිර්මාණයක් දක්නට ලැබේ.  ඒ නිධාන සොල්දාදුවාගේ කන්දයි.  ඈත සිට ඒ දෙස බලන අපට දක්නට ලැබෙන්නේ තම ආයුධය ලය මත තබා නිදා සිටින සොල්දාදුවෙකුගේ දර්ශනයක්. මේ අතර දුම්රිය පසුකල මීලග වංගුවේදී අපිට උස චිමිනි සහිත කළු ගලින් නිමකළ මන්දිරයක් දකින්නට ලැබෙනවා. ඉංග්‍රීසි පාලන සමයේ දේවස්ථානයක් ලෙස යොදාගත් මෙය  අදිස්ම් බංගලාව  ලෙස හදුන්වනු ලබයි. බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පයට අනුව සකසා ඇති මෙය අලංකාර නිර්මාණයක් ද වෙනවා.  දැන් අපි ලගවෙන්නේ දියතලාව වෙතටයි. මේ ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ද වන්නේ මෙහි ඇති හමුදා කදවුර නිසයි. හපුතලේ සිට දියතලාව තෙක් ඇත්තේද සීග්‍ර බැස්මකි . මේ කලාපයටම ආවේනික සෞම්‍ය දේශගුණය ගතට ලබා දෙන්නේ අපුරුම ආශ්වාදයක්. දියතලාව ද පසුකරමින් මේ අපි ලගා වන්නේ අද  දිනයේ අපගේ ගමනාන්තය වෙතටයි. ස්වල්ප දුරක් ගමන් කල අපට වම්පසින් දක්නට ලැබෙන්නේ වැලිමඩ, හපුතලේ , දියතලාව වැනි නගරයි. ඒවා ගැඹුරු ප්‍රපාතයකට මායිම්ව උස කදු මත පිහිටා තිබෙයි. කෙමෙන් කෙමෙන් දුම්රිය බණ්ඩාරවෙලට ලගා වුනේ අද දිනයට අපේ චාරිකාව අවසන් කරමිනි. 

හපුතලේ - 1479.57 m
දියතලාව - 1331.40 m
බණ්ඩාරවෙල 1225.53 m

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
80 - Idalgashinna
81 - Haputhale
82 - Diyathalawa
83 - Bandarawela

Author - Dushantha Nanayakkara

Help - Thilanga Udara
           Sameera Wijethunghe

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****





















No comments:

Post a Comment