Monday, July 20, 2015

උඩරට චාරිකාව - 17



අපි දැන් පහු කරන්නේ ග්‍රේඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 4774 ක උසකින් මෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 197Km ක දුරකින් මෙය පිහිටා තිබෙනවා. මෙම දුම්රිය ස්ථානයට පිටුපසින් දිස්වෙන්නේ ග්රේඩ් වෙස්ටර්න් කදු පංතියයි.  මුහුදු මට්ටමෙන් අඩි 7264ක උසින් මෙම ග්රේඩ් වෙස්ටර්න් කදු පංතිය පිහිටා තිබෙනවා. ග්රේඩ් වෙස්ටර්න් කදු පංතිය වම් පසට මායිම් කරමින් ඒ අයිනෙන් අප ගමන්ගන්නා දුම්රිය මාර්ගය තවදුරටත් වැටී තිබෙනවා. අපගේ දකුණු පසින් දිස්වන්නේ හරිත වර්ණයෙන් බබලමින් ඈතින් ඈතට විහිදෙන්නාවූ මිටියාවතයි. එය අප වටගොඩ පසුකරද්දී දුටු සමණළ කදු පංතියට එපිටින් බලංගොඩ දක්වා පැතිරී පවතිනවා.  දැන් මේ වනවිට අප ගමන්ගන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමන ඉහල කලාපයක් ඔස්සේය.  දැන් අප ගමන්ගන්නා මාර්ගයද කඩුගන්නාව දුර්ගයේදී අප දුටු මාර්ගය මෙන්ම ඉතා අසීරු ලෙස සකස්කරන ලද මාර්ගයකි. දැවැන්ත ගල්කුලු මතින්වූ තියුනු කැපුම් මේ මාර්ගය පුරාම අපට දිස් වෙනවා.

මුහුදු මට්ටමේ සිට අඩි 5171 ක් උසින් වූ රදැල්ල උප දුම්රිය ස්ථානයට අප ක්රමයෙන් ලගා උනා. මෙය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 200Km දුරින් පිහිටා තිබෙනවා. උප දුම්රිය ස්ථානාධිපතිවරයෙකු පමනක් සිටින මෙම දුම්රිය ස්ථානයේ අපට දිස්වන්නේද තනි මංතීරුවකි. එනම් දුම්රිය 2 කට එකිනෙක මාරුවිය නොහැක. දැන් අප මෙම රදැල්ල දුම්රිය ස්ථානයෙන්ද ගමන් ආරම්භ කරේ අපගේ ගමනාන්තය වෙත ලගාවීමටය. එහිදී අපට මුලින්ම අඩි 368 ක දිගින් යුත් බිංගෙයක් මුනගැසෙනවා. මෙය කොළඹ කොටුවේ සිට පිළිවෙලින් ගත්කල 16 වන බිංගෙයයි. බදුල්ල දක්වා අප ගමන්ගන්නේනම් අප බිංගෙවල් 44 ක් පසුකලයුතු වෙනවා. මුහුදු මට්ටමට වඩා අඩි 5000 කටත් වඩා ඉහලින් සිටින අපට අවට උෂ්ණත්වයේ පහල බැසීම හොදින් අවබෝධ කරගත හැක. මුහුදු මට්ටමෙන් ඉහල යන සෑම 100m ටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.64 බැගින් අඩු වෙනවා. තවමත් අපගේ ගමන්මග වැටී ඇත්නේ නුවරඑලිය දිස්තික්කය ඔස්සේය. ඒ අනුව මුහුදු මට්ටමේ සිට අඩි 1882mක උසින් පිහිටි නුවරඑලියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමන වෙනවා. ක්රමයෙන් මුහුදු මට්ටමෙන් ඉහලට එසවෙන මෙම පලාත් තේ වගාවටත් වඩා අර්තාපල් සහ එලවලු වගාවන් සදහා යෝග්‍යයි. නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයෙන්ම ගලාබසිනා ගල්කුලුනු මත ඉදිවූ යකඩ පාලම අපට කියාපාන්නේ අප නානුඔය දුම්රිය ස්ථානය වෙත පිවිසී ඇති බවයි. මුහුදු මට්ටමේ සිට අඩි 5291 කින් හා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 205Km ක දුරකින් පිහිටා ඇති අපගේ දුම්රිය චාරිකාවේ මීලග දුම්රිය ස්ථානය වන නානුඔය දුම්රිය ස්ථානය වෙත අප දැන් පිවිසුනි.

අද දිනට සමාප්තිය.......................!

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
74 - Radella
75 - Nanu Oya

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****












No comments:

Post a Comment