Sunday, July 12, 2015

උඩරට චාරිකාව - 12




අප දැන් කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන්ද සුපුරුදු පරිදි අපගේ ගමන අරඹා පිළිමතලාව හා තවත් දුම්රිය ස්ථානයක් පසුකරගෙන පැමිනියේ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයටය. එය මෙම චාරිකාවේදී අපට හමුවුනු 4 වන සහ අවසාන සංධිය වෙයි. මරදාන රාගම පොල්ගහවෙල මෙන්න මෙම පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයෙන්ද දුම්රිය අතුරු මාර්ග දෙකකට බෙදෙනු ලබයි. එනම් මහණුවර හරහා මාතලේ මාර්ගය සහ බදුලු මාර්ගයයි. පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය වූ කලී එය මුහුදු මට්ටමේ සිට 476m උසින් සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 115Km දුරින් පිහිටයි. මෙය වේදිකා 3කින් සමන්විත වන අතර 1867 වර්ශයේදී ඉදිකර ඇත. කොළඹ කොටුවේ සිට පැමිනෙන විට අප පසුකරන 48 වන දුම්රිය ස්ථානය මෙයවේ. උඩරට බලා ධාවනය වන දුම්රියයන් ගමන් කල යුත්තේ බදුලු මාර්ගයේය. නමුත් උඩරට බලා ධාවනය වන ඇතැම් දුම්රියයන් මහණුවර දුම්රිය ස්ථානයට ගොස් නැවත ආපසු හැරී උඩරට බලා ගමන් කරයි. අප දැන් සිටින්නාවූ උඩරටමැනිකේ දුම්රියද මෙසේ මහණුවරට ගොස් නැවත හරවා පැමිනෙන දුම්රියකි. එමනිසා අප අපගේ මාර්ගයද මහණුවර දෙසට හැරවීය. මහණුවර දුම්රිය ස්ථානය වෙත අප සේන්දු වීමට පෙර පේරාදෙනිය සරසවි සිසුන් සදහා වෙන්වු දුම්රිය ස්ථානයක් වන සරසවි උයන දුම්රිය ස්ථානයද , මුල්ගම්පොල හා සුදුහුම්පොල යන දුම්රිය ස්ථානද පසු කරගෙන ඉදිරියට ගියෙමු. සරසවි සිසුන් අතර ප්රචලිත කලු පැහැයෙන් යුක්ත වූ යකා පාලම නැමතා ස්ථානයද අප දෑස් මානයට හසුවිය. දැන් අප සේන්දු වූයේ මහණුවර දුම්රිය ස්ථානයටය. පෞරාණික පෙනුමක් මෙම දුම්රිය ස්ථානය දෙස බලන්නාවු ඕනෑම කෙනෙකුට දැකගත හැක.



ක්‍රි.ව1867 අප්‍රේල් 25 දින මහනුවර දක්වා දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු අවසන් කරන ලද්දේ විලියම් ෆෙඩ්රික් නෙවිල්ගේ ශ්‍රම හමුදාව විසිනි. මහනුවර දුම්රිය ස්ථානය ඉදි කෙරුනේ දෙය්යන්ගේ වෙල නමැති ස්ථානයේය. ක්‍රි. ව 1867 අප්‍රේල් 26 දින උදේ 7 පසුවී විනාඩි 50 ට මහනුවර දුම්රිය ස්ථානය වෙත මුල්ම දුම්රිය සේන්දු වීමෙන් එතෙක් පැවතී අශ්ව කොච්චි යුගය නිමාවිය. කොළඹ සිට මහනුවර දක්වා සම්පූරණ කල දුම්රිය මාර්ගය ඔස්සේ පළමු දුම්රිය ගමන සිදු වුයේ ක්‍රි.ව1867 අප්‍රේල් 30 දිනය. ආරම්භයෙදී කොළඹ මහනුවර අතර දිනකට දුම්රිය වාර 2ක් සිදුවිය. එක ගමනකට පැය 4යිවිනාඩි 30ක් ගතවින. කොළඹ ,කන්ද උඩරට අතර මගී දුම්රිය සේවය 1867 අගෝස්තු 1 නිල වශයෙන් ආරම්භ විය. 1867 ඔක්තෝබර් 01 දින භාණ්ඩ සේවය ආරම්භ විය. මහණුවර දුම්රිය ස්ථානය ගැන සලකා බැලීමේදී අපට මෙවන් ඉතිහාසයක් එම දුම්රිය ස්ථානය පිලිඹදව හෙලිවිය. මහණුවර දුම්රිය ස්ථානයද වේදිකා 3කින් සමන්විත වන අතර මෙහි තුන්වන වේදිකාව බාවිතා වන්නේ මහණුවර-මාතලේ දුම්රියයන් ධාවනය කරවීම සදහාය. මෙම දුම්රිය ස්ථානය තුල අප පසුකල අනෙකුත් දුම්රිය ස්ථානයන් තුල මෙන් නොව සංචාරකයන් වැඩි වශයෙන් ඒ මේ අත ඡායාරූප ගනිමින් සැරිසරමින් සිටින බවක් දක්නට ලැබේ.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
46 - Pilimathalawa
47 - Baramane
48 - Peradeniya Junction

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****

යකා පාළම - පේරාදෙණිය







පේරාදෙණිය හංදිය පැරණි දුම්රිය ස්ථානය







පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානය




No comments:

Post a Comment