Saturday, July 4, 2015

උඩරට චාරිකාව - 08




දැන් අප පැමිනියේ අපගේ චාරිකාවේ මීලග දුම්රිය නැවතුම වන පොල්ගහවෙල දුම්රිය ස්ථානයටයි. පොල්ගහවෙල දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 73.82Km දුරින් හා මුහුදු මට්ටමේ සිට 74.39m උසින් පිහිටි දුම්රිය ස්ථානයකි. පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්ද දුම්රිය මාර්ගය දෙකට බෙදේ. එනම් උඩරට දුම්රිය මාර්ගය හා උතුරු දුම්රිය මාර්ගය වශයෙනි. අප දැන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන්ද ගමන් ඇරමුවෙමු.

පොල්ගහවෙලින් මෙසේ නික්මුනු අපි පනලීය තිස්මල්පොල යටගම කඩුඔය යන දුම්රිය ස්ථානයන් පසු කරමින් රඹුක්කන දුම්රිය ස්ථානය වෙත සේන්දු වුනි. රඹ්ක්කන දුම්රිය ස්ථානයෙන් මගීන් පිරිසක් බැසගත් අතර තවත් මගීන් පිරිසක් දුම්රියට ගොඩවිය. කෙසේ නමුදු දැන් දුම්රිය තුල යම් මට්ටමක සන්නුන්බවක් දක්නට ලැබේ. මෙතෙක් වෙලා පැවති දැඩි තදබදය කෙමෙන් කෙමෙන් පහව ගොසින් ඇත. සියත්ත මෙසේ පවතිද්දී සුපුරුදු පරිදි දුම්රිව සිය ගමන ආරම්භ කරනු වස් සිය හූ හඩ දෙතුන්වරක් නාද කලේය.

අප දැන් රඹුක්කනින්ද නික්මුනි. මෙතෙක් වෙලා අප දුටු වටපිටාවට වඩා අප දැන් දකින වටපිටාව හාත්පසින්ම වෙනස්ය. සුන්දර උඩරටට අපව පිලිගන්නවාක්මෙන් සුන්දර කදුවැටි එකින් එක දිස්වීමට පටන් ගනී. දුම්රියේ වේගයද මෙතෙක් පැවති වේගයට වඩා අඩු මට්ටමක පවතී. නිසොල්මනේ හමා යන සුලංධාරාද අපව උඩරටට සාදරයෙන් පිලිගනී. කදුවැටි කිහිපයක් එකතුවී තිබෙන කදුපංතිද කෙමෙන් කෙමෙන් දෑසමානයට පැමිනේ. දැන් දැන් දුම්රියේ හුලං කවුලු තුලින් හමන සුලගද අමුතුම සිසිලසකින් යුක්තය. මේ සියල්ල කැටිව ගත්කල අප දැන් කදු මාර්ගය තරනය කිරීම ආරම්භ කර ඇත. මෙසේ අප වටපිට සිරි නරඹමින් පැමිනෙනවාත් සමගම කඩිගමුව , යටිවැල්දෙනිය හා ගනේගොඩ යන දුම්රිය ස්ථාන අප පසුකර ඇත්තේ අප නොදැනුවත්වමය. ඒ තරමට වටපිටාව අපගේ නෙත් සිත් පැහැරගෙන අවසන්ය.

දැන් අප ක්රමයෙන් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය අසලටද පැමිණ ඇත. අපගේ චාරිකාව සුන්දර වීම ආරම්භ වීම සිදුවන්නේ මේ වන විටය.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
35 - Panaleeya
36 - Thismalpola
37 - Yatagama
38 - Kuda Oya
39 - Rambukkana
40 - Kadigamuwa
41 - Yatiwaldeniya
42 - Gangoda
43 - Ihala Kotte

Author - Dushantha Nanayakkara 


*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****











No comments:

Post a Comment