Saturday, July 4, 2015

උඩරට චාරිකාව - 09



දැන් අප පසුකර යන්නේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයයි. මෙම පෙදෙස්වල පවතින කදු බෑවුම් ස්වභාවය නිසා මෙහි වී ගොවියන්ගේ ගොවිතැන් ඈතින් සිට බලනවිට පෙනෙන්නේ පඩිපෙලක ආකාරයට සාදන ලද වගාවන් ලෙසය. හෙල්මලු වී වගාව ලෙසද මෙය හැදින්වෙනවා. දුම්රිය මාර්ගයෙහි අපූරු නැම්මක් මෙම දුර්ගයේදී දක්නට හැකිය.  දැකුම්කලු බවින් අනුන මෙහි ඇති තනි ආරුක්කු පාලම මුහුදු මට්ටමේ සිට අඩි 1000 කටත් වඩා උසින් පිහිටා තිබෙනවා. පාලමට යටින් ඇති දෙකද ඔය සිය ජල ධාරාවද රැගෙන දෙකද නිම්නය බලා යන ගමන බෙහෙවින්ම සුන්දරයි. හක්ඔලුව බෝක්කුව නමින් ගැමියන් අතර ව්‍යවහාරයේ ඇත්තේද මේ ස්ථානයයි.


අප යන මගෙහි එක් පසෙකින් පෙනෙන කඩතොලු සහිත පර්වත කැපුම අයත් වන්නේ අලගල්ල පර්වතයටයි. දැන් අප සිටින්නේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය හා බලන දුම්රිය ස්ථානය අතරයි. මෙම දුම්රිය ස්ථාන 2 අතර ගමනට විනාඩි 7ක පමන කාලයක් ගත වෙනවා. මේ අතර දිගින් අඩි 100 කට වැඩිවූ බිංගෙවල් 3ක්ද පසුකිරීමට සිදු වෙනවා. තවමත් අප අතහැර නොයන උතුවන් කන්දත් බතලේගල කන්දත් විටින් විට තුරුලතා අතරින් අප දෑස්මානයේ පෙනී සිටින්නේ අප අතහැර යන්නට නොහැකිවා වගේ. දුම්රියේ මද වේගය සියලු දසුන් නිවීසැනසිල්ලේ දකින්නට ඉඩකඩ සලසා දෙනවා. ඉදිරියෙන් දිස්වන්නේ අති බිහිසුනු පර්වතයයි. Sensetional Rock නමින් දෙස් විදෙස් සංචාරකයන් අතර පතල මේ දුර්ගය ඔස්සේ දුම්රිය මග ඇතිරීම එදා බ්රිතාන්‍ය ජාතිකයන් කරන ලද විස්කමකි. L අකුරේ හැඩයට කන්ද කපා ඒ මත දුම්රිය මාර්ගය ඇතිරීම මෙහිදී කරඇති ක්රමවේදයයි.

මෙම ප්‍රදේශයට පහලින් වූ ප්‍රදේශය සුන්දර ගම්මානයක සිරියාව දසත පතුරුවමින් දිලෙමින් පවතිනවා. වෙල් ඉපනැල්ද කුඩාදරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්වී තිබෙන බව දුම්රියේ සිට ගම්මානය දෙස බලන්නාවූ ඕනෑම අයෙකුට දැකගත හැකි වෙනවා. ගම්මානයේ සිරියාව ඉහල නංවනු වස් ගම්මානයට ඉහලින් වන සරදියෙල්ගේ වාසභුමිය වූ උතුවංකන්ද නිල් සලු පොරවාගත්තාක් මෙන් වලාකුලු අතරින් ඈතින් දිස්වනවා. මේ ගමනේදී අපට හමුවූ බතලේගල කන්දත් තවමත් අප නෙත් අද්දරට විටින් විට පැමිනෙනවා.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
43 - Ihala Kotte

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****


















No comments:

Post a Comment