Wednesday, July 15, 2015

උඩරට චාරිකාව - 15




අපි දැන් සිටින්නේ නාවලපිටිය දුම්රිය ස්ථානයේය. කදුකරයේ පිවිසුම ලෙසද ඇතැමෙක් මෙය හදුන්වති. උඩරට මාර්ගයේ අපට මුනගැසුනු තවත් සුන්දර දුම්රිය ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක. කොලඔ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියේ රියදුරු සහ නියාමක වරයා මෙම ස්ථානයේදී මාරුවෙයි. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියකද එලෙසම වෙයි. තවද මෙම දුම්රිය ස්ථානව වූ කලී තරමක් විශාක දුම්රිය ස්ථානයකි. දුම්රිය එන්ජින් කිහිපයක් හා දුම්රිය මැදිරි කිහිපයක්ද මෙහි තිබෙනු දැකිය හැක. කොලඹ කොටුවේ සිට අප පැමිණි තිනිතලා භූමි බාගය රඹුක්කනින් පසු වෙනස්වී කදු ආකාරයට පිහිටුනි. නමුත් නැවතත් පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් පසුව එම කදුකර ස්වභාවය මදක් වෙනස්වී එය නැවත යම් තාක්දුරට තැනිතලි බිමකට සමානකමක් පෙන්වීය. නැවත නාවලපිටිය සිට බදුල්ල දක්වාම ඇරඹෙන්නේ ශීග්ර කදු නැග්මකි. එමනිසා නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් ඇතැම්විට දුම්රියට නව එන්ජිමක් සවිකරනු ලබයි. මේ සදහා අමතර එන්ජින් කිහිපයක්ද නාවලපිටිය ධාවනාගාරයේ දක්නට ඇත. නාවලපිටිය සිට බදුල්ල දක්වාවූ දුම්රිය සංඥා පාලනය වන්නේද නාවලපිටිය දුම්රිය ස්ථානයෙනි. තවද නාවලපිටියේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වාද , නාවලපිටියේ සිට මහණුවර දුම්රිය ස්ථානය දක්වාද දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි. නාවලපිටිය සිට මහණුවර දක්වා දුම්රිය ධාවනයට පැය 1 මින්ත්තු 15ක් පමන ගතවන අතර නාවලපිටිය සිට බදුල්ල දක්වා ධාවනයට පැය 4 කට ආසන්න කාලයක් වැයවේ.

දැන් අප සිටින්නාවූ උඩරටමැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙන්ද ගමන් අරඹා ඉදිරියට ඇදෙන්නේ කදුකර පරිසරයේ සුන්දරත්වය මැදිනි. මුලින් අප පැවසූ ශීග්ර කදුකර ස්වභාවය නිසා දුම්රියේ වේගයද සැලකියයුතු ලෙස පහල බැස ඇත. එමෙන්ම දුම්රිය එන්ජින් වලින් පිටවන ශබ්දය යම්තාක් දුරකට ඉහල නැග ඇත. මෙසේ අප ඉදිරියට හත්ම අපට පොඩි දියඇල්ලක් දිස්විය. ඒ පිළිඹදව අප සමීපයේ සිටි අයෙක් අපට මෙසේ විස්තර කියාපෑවේය. “මේ තියෙන්නේ ගල්පොත්ත ඇල්ල කියන දිය ඇල්ල.  තියෙන්නේ නාවලපිටිය station එක පහු කරලා ටික දුරක් යද්දී හමුවෙනවා හයින්ෆොර්ඩ් කියල පොඩි ෆ්ලට්ෆොර්ම් එකක්. ඔය දැන් පාස් වුනේ ඒක තමයි. එතනින් පහල තමයි දිය ඇල්ල තියෙන්නේ. ඒ ෆ්ලට්‍ර්ෆොර්ම් එක pass කරලා  එක යද්දී ගස් අතරින් හොදට දිය ඇල්ල පේනවා. නමුත් පැහැදිලි නැහැ. ටිකක් ඉස්සරහට ගිහින් බලන්නකෝ"


මෙසේ අපි ක්‍රමයෙන් හයිතන්ෆෝඩ් පදික වේදිකාවද පසු කරමින් ඉගුරුඔය දුම්රිය ස්ථානය වෙත ලගා විය. මේසේ අපි කෙමෙන් කෙමෙන් ගල්බොඩ , වටවල , ඉහලවටවල , රොසැල්ල හා හැටන් දුම්රිය ස්ථාන සසුකරමින් යන්නේ අපගේ අද දිනට අවසන් දුම්රිය නැවතුම වන තලවාකැලේ දුම්රිය ස්ථානව වෙතටය. ඉගුරුඔය දුම්රිය ස්ථානයෙන් පසුව අපට මුනගැහෙන සෑම දුම්රිය ස්ථානයකම අප දුම්රිය නවත්වයි. මෙම දුම්රිය ස්ථානයන්ගෙන් වැඩිමනක් දුම්රිවට ගොඩවන්නේ දමිල ජනතාව ය. ඒ ඔවුන්ගේ දෛනික කටයුතු සදහාය. මෙම දුම්රිය මාර්ගය දෙපස සැබවින්ම චමත්කාරජනකය. කදු හෙල් මැදින් ගමන සැබවින්ම චමත්කාරය. මුලු මාර්ගය පුරාම දෙපස විහිදී ඇත්තේ කදුකරය කිවූ පමනින් අප කාගේත් සිහියට නැංවෙන තේ වගාවන්ය. එක පෙලම එක යායට එකම උසට වැඩීඇති තේවතු මගින් මෙම සුන්දරත්වය මොනවට කුලුගන්වයි. ඉදහිට අපට මුනගැසෙන තේවතු වල සාරියකින් සැරසී රෙදි කඩක් හිසෙහි ඔතාගෙන පිටෙහි කූඩයක් බැද තේ දලු නෙලන කාන්තාවන්ද දැකිය හැකි අතර එම කාන්තාවන් දුම්රිය මගීන්ට අත වනා අචාර කිරීමට තරම් සුහදශීලී වෙයි. මෙම මාර්ගයේදී වටවල දුම්රිය මාර්ගයේදී මාර්ගය දෙපස ඉතා ගැඹුරු හෙලක් දැකිය හැක. මෙවන් වූ ස්ථාන වලින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම තුල බ්රිතාන්‍ය ජාතීන්ගේ දක්ශතාව වඩ වඩාත් ඔප්නැංවී පෙනෙයි. මෙම සුන්දර කදුකර පරියරයේ රස මිහිර විදිනවාත් සමගම අප නොදැනීම තලවකැලේ දුම්රිය ස්ථානයටත් අප ලගාවී අමාරය.

අද දිනයට සමාප්තිය......................................

මේ වනවිට අප පසුකල දුම්රිය ස්ථාන :-
62 - Hightern Ford
63 - Inguru Oya
64 - Pen Rose
65 - Galboda
66 - Watawala
67 - Ihala Watawala
68 - Rozella
69 - Hatton
70 - Kotagala
71 - Thalawakale

Author - Dushantha Nanayakkara 

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. මෙහි ඇති ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*****




























වටවල දුම්රිය ස්ථානය

No comments:

Post a Comment