Wednesday, June 24, 2015

උඩරට චාරිකාව - 01



කොලඔ කොටුවේ සිට බදුල්ල බලා චාරිකාවක් යෑමටයි අපගේ මේ සුදානම. චාරිකාව යාටට පෙර එම දුම්රිය මාර්ගයේ පුරාවෘත්තය පිලිඔදව ටිකක් සොයා බැලීමට සිතුනි.

වර්ශ 1800 පමන කාලය වනවිට අප ලක්දිව බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලනයට නතුව තිබූ අතර එකල අප රටෙහි ආර්ථික බෝගයක් ලෙස කෝපි වගාවක් ව්‍යාප්ත වී තිබුනි. බොහෝවිට කෝපි වගාකර තිබුනේ කදුකර පෙදෙස් වලය. මුල් කාලයේදී මෙසේ වගාකර තිබු කෝපි අප රට තුල පමනක් භාවිතයට ගැනුනු අතර කාලයත් සමග මෙසේ නිපදවෙන අතිරික්ත කෝපි නිෂ්පාදිතය අපනයනය කිරීමේ වැඩපිලිවෙලක් දියත් වුනි. එහිදී අපනයනය කිරීමට අවශ්‍ය කෝපි කොලඔ වරාය වෙත රැගෙන ඒමේ වැඩපිලිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාව මතුවිය. තවද කෝපි වතුවල සේවය කිරීම සදහා මෙරටට ගෙන්වූයේ දකුණු ඉංදියානු ශ්‍රමිකයන්ය. ඔවුන්ව කෝපි වතු බලා රැගෙනයාමේ ගැටලුවක්ද පැනනැගුනි.  ඒ සදහාද වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතායවය මතු විය. මේ වනවිට එකම ප්‍රවාහන මාධ්‍යය ලෙස පැවතුනේ ගැල් කරත්ත ක්‍රමයයි. එය තරමක් මන්දගාමී ප්‍රවාහන ක්‍රමයක් වූ අතර ඒ සදහා දුම්රිය මාර්ගය භාවිතා කිරීම කෙරෙහි එකල සිටි ආන්ඩුකාරවරුන්ගේ අවධානයක් යොමුවිය. මෙතැන් පටන් දුම්රිය මාර්ගයක් සෑදීමේ කටයුත්තක් ඇරඔිනි. කෝපි වගාකර තිබුනේ මහනුවර දක්වා පමනක් වන හෙයින් පළමු දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු ඇරඔුනේ කොලඔ කොටුව සිට මහනුවර දක්වාය.

දුම්රිය මාර්ගයට සමාන්තරව වැටී ඇති ගැල් කරත්ත ප්‍රවාහන මාර්ගයක දසුනක්

මෙසේ අභිනවයෙන් ඉදිවන දුම්රිය මාර්ගයෙහි ආරම්භක පෙරගමන්කරු වන්නේ ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආන්ඩුකාරවරයාය. ඒ 1858 අගේස්තුවේදීය. මෙසේ ආරම්භ කරන ලද මාර්ගය 1867 වනවිට මහනුවර දක්වා සාදා නිමකෙරුනි. ඉන්පසු 1874 දී නාවලපිටිය දක්වාත් , 1885 දී නානුඔය දක්වාත් , 1894 දී බන්ඩාරවෙල දක්වාත් , 1924 දී බදුල්ල දක්වාත් අදියරෙන් අදියර ව්‍යාප්ත විය. පළමු දුම්රිය මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ අතර එය කිලෝමීටර් 54 ක දිගකින් යුක්ත විය. 1864 දී පළමුවන දුම්රිය අබේපුස්ස දක්වා ධාවනය කිරීම ආරම්භ කල අවස්ථාවේ සංඥා භාවිතයක අවශ්‍යතාවයක් නොවීය. දුම්රිය ධාවනය කරේ සෑහෙන වෙලාවකට එකක් වශයෙනි. වර්ණාලෝක සංඥා සහ මධ්‍යම දුම්රිය පාලනය ආරම්භ වූයේ 1959 දීය. 

දුම්රිය මාර්ගය සෑදීමේදී වැඩ පරීක්ෂාවේ යෙදුනු නිළධාරියෙක්

වර්තමානයේ ශ්‍රීලංකා දුම්රිය සේවය කිලෝමීටර් 1508 ක් පුරු පැතිරී ඇත. එමෙන්ම ලෝකයේ ඇති අලංකාරම දුම්රිය මාර්ග ලෙස සලකනු ලබන දුම්රිය මාර්ගයක්ද අප රට සතුව පවතී. ඒප්‍රධාන මාර්ගයයි. එනම් කොළඹ කොටුයේ සිට බදුල්ල බලා ඉදිවී ඇති දුම්රිය මාර්ගයයි. ඒ අප මෙම චාරිකාව යෑමට බලාපොරොත්තුවෙන් සිටින දුම්රිය මාර්ගයයි. විශේෂයෙන්ම මෙම දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහ කදුවැටි , මීදුමෙන් වැසීගත් කදුමුදුන් ආදී ස්වභාවික අලංකාරයන්ගෙන් මෙන්ම මිනිසා විසින් ගොඩනැගූ අලංකාර නිර්මාණ වන තේ වතු , පයිනස් වතු , පාලම් සහ උස් ස්ථාන වල පවතින දුම්රිය ස්ථාන ආදී ඉංජිනේදරවන්ගේ විශිස්ඨ නිර්මාණ වලින් ස්වයංපෝෂිතය.

අප ගමන් ගැනීමට බලාපොරොත්තු වන්නාවූ මාර්ගය පිලිඔදව අපි මෙසේ කරුණු සොයා බැලුවෙමු. ගමනේ අවසානය තෙක් අපත් සමග රැදී සිටින්න.

අද දිනයට සමාප්තිය......................................

Author - Dushantha Nanayakkara

*****මෙහි අන්තර්ගත සියලුම කරුනු සම්බන්ධ අයිතිය මෙය සැකසු රචකයා වන මා සතුවන අතර මෙහි
අන්තර්ගත කිසිවක් රචකයාගේ නිසි අවසරයකින් තොරව කිසිදු මාධ්‍යයක් තුලට අන්තර්ගත කිරීම වරදකි. ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද ඡායාරූප වන අතර ඒවා වල අයිතිය එම ඡායාරූප ශිල්පීන් සතුවේ.*****



















2 comments: